නොරොච්චෝලේ තාප බලාගාරයේ ජනන යන්ත්‍රයක හදිසි බිද වැටීමක් සිදුව තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මෙලෙස බිද වැටීමකට ලක්ව ඇති බවයි.

එම යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වු හදිසි බිදවැටීම හමුවේ ඊයේ රාත්‍රියේ සිට එය ක්‍රියා විරහිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර කැලණිත්ස්ස බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනය නඩත්තු කටයුතු සදහා තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ අනුව බලාගාරයේ කටයුතු සති 06ක නඩත්තු කටයුත්තක් සදහා වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content