අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක්, ලංගම බස් රථයක ගැටිමෙන් අද (15) දින අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

අද දින උදැසන 6.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් පොලිස් ස්ථානය ඉදිරිපිටදීය.

බගවන්තලාව සිට වටවල දක්වා ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් රැගෙන, අධික වේගයෙන් ධාවනය කර ඇති පෞද්ගලික බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව හැටන් සිට බගවන්තලාව දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයේ පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදු වි ඇත.

අනතුරෙන් බස් රථ දෙකේ ගමන් මගින් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති අතර, අනතුරෙන් බස් රථ දෙකටම අලාභ හානි සිදු වි ඇති බව වාර්තා වේ.

WhatsApp Group

Skip to content