නේපාලයේ භූමිකම්පාවෙන් දිවිගලවාගත් පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකව තිබෙනවා.

මෙම භූකම්පනයෙන් මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වසර 8කට පසු නේපාලයේ ඇති වු දරුණුතම භූකම්පනය මෙය බවයි එරට ආපදා අංශ ප්‍රකාශ කලේ.

රිච්ටර් පරිමාණ ඒකක 6යි දශම 4ක් ලෙස නේපාල ජාතික භූකම්පන මධ්‍යස්ථානය සටහන් කළ භූමිකම්පාවේ ප්‍රබලත්වය ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ දත්තවලට අනුව රිච්ටර් පරිමාණ ඒකක 5යි දශම 6ක් ලෙස සටහන්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content