වයඹ දිග නේපාලයේ දිස්ත්‍රික් කිහිපයකට බලපෑ ප්‍රබල භූකම්පන තත්ත්වයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට පුද්ගලයන් 128 දෙනෙකු පමණ භූ කම්පන තත්ත්වයත් සමඟ සිදු වූ අනතුරුවලින් ජිවිතක්ෂයට පත් ව ඇති බව යි විදෙස්  වාර්තා පැවසුවේ.

එය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් ලෙස සටහන් වී තිබෙනවා. තුවාල ලැබූ ගණන 100 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව සදහන්.

භූ කම්පන තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු සුන්බුන් අතර සිර වී  සිටින ජනතාව මුදාගැනීම සදහා සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහල් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content