19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ නේපාලය සහ මොංගෝලියාව අතර පැවති ක්‍රිකට් තරගයකදී ලෝක වාර්තා 3 ක් තැබීමට නේපාල කණ්ඩායම සමත් වී තිබෙනවා.

එහිදි නේපාල කණ්ඩායම කඩුලු 3 ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 314 ක් රැස්කර තිබෙනවා.

එය කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.

මේ අතර නේපාල ක්‍රීඩක ඩිපේන්ද්‍ර සිං පන්දු 9 කදී අර්ධ ශතකයක් වාර්තා කරමින් තවත් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

එමෙන්ම පන්දු 34 කදී ශතකයක් වාර්තා කිරීමට නේපාල ක්‍රීඩක කුෂාල් මල්ලා සමත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content