නේපාලයේ තවත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කලේ අද අලුයම කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර් 169ක් උතුරින් වූ ප්‍රදේශයක මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි.

එම භූ කම්පනය, රිච්ටර් මාපාංක ඒකක 3.6ක ප්‍රබලත්වයකින් සටහන් ව ඇති බව සඳහන්.

මේ අතර පසුගිය 03 වැනිදා රාත්‍රියේ බටහිර නේපාලයට බලපෑ ඒකක 6.4ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 157ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වුනා.

WhatsApp Group

Skip to content