නේපාලයේ ඇතිවූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .

එමෙන්ම තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මීට අමතරව ගංවතර හේතුවෙන් නිවාසවල සිරවී සිටි පුද්ගලයන් 4000 ට වැඩි පිරිසක් බේරා ගැනීමට එරට ආරක්ෂක අංශය සමත් වී තිබෙනවා .

අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් එරට ජලවිදුලි බලාගාර හා වැව් රැසකට දැඩි ලෙස හානි සිදුව ඇති බව සදහන් .

මේ වන විට ඇස්තමේන්තුගත කර ඇති පරිදි සිදු වූ හානිය අමෙරිකානු ඩොලර් මිලියන 32.6 කට ආසන්න වනවා.

WhatsApp Group

Skip to content