නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (26) විවෘත කෙරිණි.

යහපාලන රජය යටතේ 2019 වසරේදී එවකට අග්‍රාමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරිණි.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් නෙදර්ලන්ත රජයේ සහයෝගය යටතේ ලැබී ඇති මෙම සෞඛ්‍ය පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට රජය කටයුතු කරන බවයි.

මේ වන විට නවීන සහ දියුණු රෝහල් පද්ධතියක් උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් ලැබී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා A9 මාර්ගයේ ශක්තිමත් වූ මෙම නවීන රෝහල් පද්ධතිය මෙරට වෛද්‍ය සංචාරක ව්‍යාපාරයට ද මහඟු රැකුලක් බව සඳහන් කළේය.

WhatsApp Group

Skip to content