ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන් ධුරයෙන් නෙරපීමත් සමග එරට විරෝධතා මතුව තිබෙනවාග

අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා අතර විශ්වාසය බිඳීයාම මත මෙම තීරණයට එළැඹි බවයි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේග

පසුගිය කාලය තුළ දෙදෙනා දරණ අදහස් සම්බන්ධයෙන් විවිධ මතභේදාත්මක තත්වයන් හටගෙන තිබුණාග

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන් සදහන් කර ඇත්තේල ප්‍රාණ ඇපකරුවන් නැවත ගෙන්වා ගැනීම ඇතුළු කරුණු 3ක් සම්බන්ධයෙන් එකඟ නොවීම මත තමන්ව ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයිග

කෙසේ වෙතත් අගමැතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් ජනතාව වීදි බැස විරෝධතාවල නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළාග

WhatsApp Group

Skip to content