නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය වෙනුවෙන්, දිස්ත්‍රික් පලාත් පාලන ආයතන වෙත නව ජල බවුසරක් ප්‍රදානය කිරීමේ වැඩ සටහන පෙරේදා (16) දා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුුුණා.

දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන හා සම්බන්ධ පානිීය ජල ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් මෙම ජල බවුසරය යොදා ගැනීමට නියමිත අතර එම බවුසරය නුවරඑළිය පලාත් පාලන කොමසාරිස් කාර්යාලය භාරයේ පවතිනවා.

මෙම ජල බවුසරය නුවරඑළිය සහකාර පලාත් පාලන කොමසාරිස් ප්‍රභාති විජයවර්ධන මහතා වෙත නිල වශයෙන් භාර දීම සිදු කරනු ලැබුවේ, UN-HABITAIT ආයතනයේ ව්‍යාපෘති නිලධාරි සලීම් කරිස්ම්ඩා මහතා විසිනි.එහි සම්පූර්ණ වටිනාකම රුපියල් 13,500,000/- කි. KOICA ව්‍යාපෘතිය යටතේ UN-HABITAIT ආයතනය මගින් මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුුවා.

මෙම අවස්ථාවට KOICA ආයතනයේ ශ්‍රීලංකාවේ සහකාර අධ්‍යක්ෂ කිම්, UN-HABITAIT ආයතනයේ සහකාර ව්‍යාපෘති කළමණාකරු අන්වර් ඛාන් යන මහත්වරුන් ඇතුළු UN-HABITAIT ආයතනයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වූවා.

WhatsApp Group

Skip to content