ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය සල්ලිකෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 21 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී  කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් දෙදෙනෙකු (‍02), යාත්‍රාවක් (01), කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 ඔක්තෝබර් මස 21 වන දින අළුයම නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින්, සල්ලිකෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකෙරිණි. එහිදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කිරීමේදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයන් දෙදෙනෙකු (02), කුඩා යත්‍රාවක් (01), කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

WhatsApp Group

Skip to content