මධ්යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව වැල්ලම්පිටිය ප්රදේශයේ සිදුකළ වැටලීමකින් කිලෝග්රෑම් 7,672.35 ක පමණ ප්රමාණයක නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් අත්අඩංගුවට ගත්තේය.
වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්රදේශයේ කර්මාන්ත ශාලාවක් පසුගිය දා (02) වැටලීමෙන් මෙම නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.
වැටලීමෙන් සොයාගත් පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්රෑම් 7,672.35 ක ප්රමාණය තුළ කිලෝග්රෑම් 2,505ක ප්රමාණයක් ලන්ච්ෂීට් පැකට් ලෙස තිබුණු අතර කිලෝග්රෑම් 5,167.35ක ප්රමාණයක් නොකැපූ ලන්ච්ෂීට් රෝල් ලෙස තිබුණි. පාරිභෝගික සේවා අධිකාරිය කිලෝග්රෑම් 2,505ක ප්රමාණයක් වූ ලන්ච්ෂීට් පැකට් තොගය අත්අඩංගුවට ගත් අතර අනෙක් ලන්ච් ෂීට් තොගය කර්මාන්තශාලා පරිශ්රය තුළ මුද්රාතබා අදාළ ඉදිරි කටයුතු සඳහා සුරක්ෂිතව තැබීමට කටයුතු කරන ලදී. ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ කර්මාන්ත ශාලාවේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට මධ්යම පරිසර අධිකාරිය කටයුතු කරයි.
නීති විරෝධී “පොලිතීන් ලන්ච් ෂීට්”, නීතියෙන් තහනම් කර ඇති ග්රෑම් 20 හෝ මිලිලීටර් 20ට අඩු සැෂේ පැකට්, හුලං පුරවන ලද සෙල්ලම් බඩු, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස්, මයික්රෝන 20ට අඩු පොලිතීන්, තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන; තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි; ප්ලාස්ටික් මල් මාලා; ප්ලාස්ටික් ඉඳි ආප්ප වට්ටි යන නිෂ්පාදන විකිණීම, ප්රදර්ශනය, නිෂ්පාදනය සහ භාවිතය ජාතික පාරිසරික පනත යටතේ නීතියෙන් තහනම් කර ඇති අතර මධ්යම පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් දිවයින පුරා අඛණ්ඩව වැටලීම් සිදුකරයි.

WhatsApp Group

Skip to content