නීතිවිරෝධී රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය අද අලුයම නිමා වී තිබෙනවා .

අදාළ පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.පී.පී.ප්‍රේමරත්න මහතා විසිනුයි පවත්වනු ලැබුවේ.

එහිදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කරනු ලැබුවා .

එමෙන්ම අදාළ මන්ත්‍රීවරයාට නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසයි .

WhatsApp Group

Skip to content