නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 25 දෙනෙකු උතුරු මුහුදේදී නාවික හාමුදා භාරයට ගෙන තිබෙනවා.

යාපනය මාමුනෙයි සහ චුන්ඩිකුලම් මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි මොවුන් නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

සැකකරුවන් සිය භාරයට ගන්නා අවස්ථාවේ නීති විරෝධීව කිමිදුම් කටයුතු සිදුකරමින් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකරමින් සිටි බවයි නාවික හමුදාව සදහන් කළේ.

සැකකරුවන් සන්තකයේ තිබී ඩිංගි යාත්‍රා 07ක්, කිමිදුම් උපකරණ, සහ නීති විරෝධි ධීවර ආම්පන්න තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content