නීති විරෝධී ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා .

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද එම දුම්වැටි සොයාගත් බව සඳහන් .

දුම්වැටි 600ක් මෙලෙස විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබෙනවා .

සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 42ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා .

WhatsApp Group

Skip to content