ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, කළපු ප්‍රදේශයේ  සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපු ප්‍රදේශය හරහා නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන උර දහ නවයක අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස්හතකට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක්  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රුණා.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබනවා.

 මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රැම් පන්සිය පනස්හතකට අධික තොගය සහ ඩිංගි යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණා.

WhatsApp Group

Skip to content