නීති විරෝධි මිනිස් සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දැඩි නීති ගෙන එන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද දැඩි අවධානයක් යොමුකර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

රටක නීතියේ අධිපත්‍ය එරට ආර්ථික ස්ථාවරභාවය පවත්වා ගැනීමට ප්‍රධාන සාධකයක් වන බවත් නීතියේ අධිපත්‍ය තහවුරු නොවු කිසිදු රටක් දියුණු වී නොමැති බව ද ප්‍රමිත බණ්ඩාර මහතා පෙන්වා දුන්නා.

මේ දිනවල අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩා විදින ජනතාවට සහන සැලසීමේ කටයුතු සම්බන්ධයෙන් ආරක්ෂ අංශ කටයුතු කරමින් සිටින බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්කෝන් මහතා සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content