රී ලංකා නාවික හමුදාව; ත්‍රීකුණාමලය ඉරනකේනි, නිලාවේලි, මුලතිව් කෝකිලායි, වෙත්තලකේනි චලෙයි, එරක්කන්ඩි සහ ත්‍රීකුණාමලය එළිසබෙත් තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී 2024 ජුනි මස 30 වන දින සිට 2024 ජුලි මස 03 වන දින දක්වා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් තිස් අටක් (38) සමඟ ඩිංගි යාත්‍රා හතක් (07) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 ජුනි මස 30 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය මඟින් ත්‍රීකුණාමලය, ඉරනකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හතර දෙනෙකු (04) සමඟ එක් ඩිංගි යාත්‍රාවක් (01) ද, 2024 ජුලි මස 01 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් ත්‍රීකුණාමලය, නිලාවේලි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ එක් ඩිංගි යාත්‍රාවක් (01) ද, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝටාභය, රන්වැලි සහ ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණය එක්ව මුලතිව් කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ එක් ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

WhatsApp Group

Skip to content