ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබෙනවා.

ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන යන මහත්ම මහත්මීන් වෙතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම බහුමාන පිරිනමා ඇත්තේ.

ජනාධිපති කාර්යාලය සඳහන් කලේ 2023 අංක 26 දරන පනතට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම බහුමානය පිරිනමා ඇති බවයි.

WhatsApp Group

Skip to content