රුපියල් ලක්ෂ 45 ක වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි 45,000 ක් නීතිවිරෝධීව රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්මුණේ පදිංචි පුද්ගලයෙකු සහ යටියන්තොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ඩුබායි සිට මෙම දුම්වැටි තොගය රැගෙන විත් ඇති බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සදහන් කළේ.

මෙම සැකකරුවන් දෙදෙනා නිරන්තරයෙන් ගුවන් ගමන්වල යෙදෙමින් විදේශවලින් භාණ්ඩ රැගෙනවිත් මෙරට තුළ අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින්නන් බවටයි අනාවරණ වී ඇත්තේ .

 

WhatsApp Group

Skip to content