රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික  ගුවන් මගියෙකු 08/22 දින පස්වරුවේ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
 මොහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි .
ඔහු 08/22 දින පස්වරු 04.00 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 390 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ” මැන්චෙස්ටර් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 21,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 108 ක් සගවා ගෙන සිටියදී , රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
 මෙම අත් අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරීවරුන් වන ජේ.එම්.පී.ලක්ෂාන් , එච්.ආර්.එල්.එස්.බණ්ඩාර , ජේ.ඒ.වී.එස්. බණ්ඩාර සහ පී.එස්.එස්.දීපාල් යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.ඩී.අබේසේකර මහතා විසින් පවත්වා තිබූ අතර , එහිදී මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය රාජසන්තක කර මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ .

WhatsApp Group

Skip to content