කුවේට් හි ගෘහ සේවයට ගොස් එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 46 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම පිරිස අතරින් 39 දෙනෙකු ගෘහ සේවිකාවන් වූ අතර අනෙක් 7 දෙනා ගෘහ සේවකයන් බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.

දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව රැඳී සිට ඇති අතර පසුව ඔවුන් විවිධ රෝගවලට ගොදුරු වීම ඇතු`ඵ ගැටලු රැසක් හේතුවෙන් මෙරටට පැමිණීම සදහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා.

ඒ අනුවයි මෙම පිරිස යළි දිවයිනට එවා ඇත්තේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ තවත් 2000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට යළි පැමිණීම සදහා කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බවයි.

WhatsApp Group

Skip to content