මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කණිෂ්ඨ නීතිඥවරියකට අධිකරණ පරිශ්‍රය අසලදී අතවර කිරීමට තැත් කරන ලද පුද්ගලයෙකු එළඹෙන මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක් වූ විවාහක පුද්ගලයෙකු බව සදහන්.

පැමිණිලිකාරිය වන නීතිඥවරිය ඉතාමත් රූමත් බව පවසමින් අදාළ සැකකරු ඇය ලුහුබදිමින් නොමනා වදන් පවසමින් ඇයට අතවර කළ බවටයි පැමිණිල්ලේ සදහන් වන්නේ.

එහිදි පොලිස් අත්අඩංගුවට ගැනුණු සැකකරු පිළිබදව විමර්ශනය කර ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට යොමු කර ඇති අතර එහිදි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් සියයකට අධික පිරිසක් පෙනී සිට ඇති බවද සදහන්.

 

WhatsApp Group

Skip to content