නිසි ලෙස තේ වතු නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
රජයට අයත් තේ වතු කළමනාකරණය පුද්ගලික අංශයේ වැවිලි සමාගම්වලට බදු පදනම යටතේ පවරා දී තිබේ.

නමුත් බොහෝ වැවිලි සමාගම් තමන් විසින් බාර ගත් තේ වතු නිසි පරිදි නඩත්තු නොකරන බව පෙනී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට පෙනී ගොස් ඇත.

WhatsApp Group

Skip to content