නුවරඑලිය රුවන්එළිය 4 වන පියවර ජපන් වත්තේ පිහිටි නිවසක් මතට අඩි 16ක් උසැති කළු ගලින් ඉදි කරන ලද තාප්පයක් (03) දින පස්වරු 2ට පමණ කඩා වැටීමෙන් ලක්ෂ 50 කට ආසන්න මිට්ශුබිසි වර්ගයේ වාහනයක් මුලුමනින්ම විනාශ වී ඇති අතර, නිවසේ එක් පසක් මුලුමනින්ම විනාශ වී ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයට දින කිහිපයක් පුරා ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවට ලක් වූ නිවසට ඉහලින් පිහිටි කළු ගල් සහිත තාප්පය තුලට වැසි ජලය කාන්දු විම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කළමණාකරණ ඒකකය පැවසිය.

මෙම අනතුර සම්බන්ධයෙන් නිවසේ පදිංචිකරුවන් කියා සිටියේ අනතුර සිදුවීමට ස්වල්ප මොහොතකට පෙර බැම්ම කඩා වැටුණු කාමරය තුළ 3 ශ්‍රේණිය ඉගෙනුම ලබන පාසල් දරුවෙක් සිටි අතර, දරුවා කාමරෙන් පිටතට පැමිණිමත් සමග මෙම අනතුර සිදු වූ බවත්, මෙම අනතුර සිදුවීමට මූලික හේතුව ඉහළ නිවසේ අය අනවසර ඉදිකිරීමක් ලෙස කිසිදු අනුමැතියකින් තොරව අනාරක්ෂිත ලෙස බැම්ම ඉදි කර තිබීම බවයි.

පවතින වර්ෂාවත් සමග නිවාස අසල පිහිටි ගස් සහ පස් කදු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා ඒ පිලිබදව සැලකිලිමත්ව සිටින ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

WhatsApp Group

Skip to content