ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංවිත වත්කම් ප්‍රමාණය පහළගොස් තිබෙනවා.

මහ බැංකුව මගින් ප්‍රකාශ කළ නවතම දත්ත අනුව ජුලි මාසයේ දී නිල විදේශ වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් පහළගොස් ඇති බවයි.

ඒ අනුව 2024 ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 5,654 ක් ලෙසින් සටහන් වූ නිල සංචිත වත්කම් වටිනාකම 2024 ජුලි මාසයේදී ඩොලර් මිලියන 5,649 ක් දක්වා සියයට 0.1 කින් අඩු වී තිබෙනවා.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජුලි මාසය අවසානයේදී ඩොලර් මිලියන 5,574 ක් ලෙසින් සටහන් ව තිබුණා.

WhatsApp Group

Skip to content