කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන 145 වැනි නිල් මහා සටනේ තෙවන සහ අවසන් දිනය අදයි.

ඊයේ දිනය නිමා වන විට රාජකීය විද්‍යාලීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 දැවී ලකුණු 234 ක් ලබා සිටියා.

නායක සිනෙත් ජයවර්ධන ලකුණු 92 ක් රැස් කළා.

හතරේ පහර 13 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේදී ශාන්ත තෝමස් කණ්ඩායමේ අශේන් පෙරේරා ලකුණු 51 කට රාජකීය පළමු ඉනිමේ කඩුලු 4 බිද හෙලුවා.

ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු සංඛ්‍යාව 297 ක් රැස් කළා.

WhatsApp Group

Skip to content