දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/09/MERIL-MENDIS-EDIT-2.mp3?_=1

මේ අතර පවතින අධික වැසි තත්ත්වය සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් තත්ත්වය දක්වා ළඟා වී ඇති බව වාර්තා වනවා.

අත්තනගලු ඔය සහ කලු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මෙලෙස අවදානයෙන් පසු විය යුතු මට්ටමක පවතින බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශය පවසන්නේ.

කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ද මෙලෙස අවදානයෙන් පසු විය යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content