නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන් බොහෝ පිරිසක් රට අත්හැර ගොස් ඇති බවයි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කළේ.

එමෙන්ම තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස් ඇති බවද ඔහු සදහන් කළා.

කෙසේ වෙතත් විදේශ පුහුණුවීම් සදහා ගිය ඇතැම් වෛද්‍යවරුන් මේ වන විට යළි පැමිණෙමින් සිටින බවයි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලීත මහිපාල මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content