පාර්ලිමේන්තුව අද දිනයේදී පෙරවරු 9.30 ට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

මේ අනුව පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු සදහා වෙන්කරනු ලැබුවා.

ඉන් අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා කාලය වෙන්කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා පනත යටතේ වන නියෝග විවාදයට ගැනීම සදහායි.

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා හට යෝජනා කර තිබුණා.

https://www.vnews.lk/storage/2023/09/HESHA-EDIT.mp3?_=1

මේ, ඒ සදහා පිළිතුරු ලබාදුන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා.

 

https://www.vnews.lk/storage/2023/09/SUSIL-PRAMAJAYANTHA-EDIT.mp3?_=2

මේ අතර ආගමික සිද්ධස්ථාන අසල මෙන්ම පාසල් අසල මත්ද්‍රව්‍ය අලෙවි කිරීම රජය විසින් වහාම නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියා.

https://www.vnews.lk/storage/2023/09/SAJITH-EDIT-3.mp3?_=3

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී දැක්වූ ප්‍රකාශය සදහා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙලෙස අදහස් දක්වනු ලැබුවා.

https://www.vnews.lk/storage/2023/09/SISIRA-JAYAKODI-EDIT.mp3?_=4

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මන්ත්‍රීවරයා විසින් අවධාරණය කර සිටියේ විවිධ දුරකථන අංක මගින් තමන් හට මරණීය තර්ජන එල්ල කරන බවයි.

එමෙන්ම කෙටි පණිවිඩ හරහා තමන්ගේ ජීවිතයට තර්ජන සිදුකරන බවද ඒ මහතා පවසා සිටියා.

මෙහිදි නියෝජ්‍ය කතානායකවරයා විසින් අවධාරණය කර සිටියේ අදාළ සිදුවීම පිළිබදව ලිඛිතව පාර්ලිමේන්තුවට ලිපියක් යොමු කිරීම මගින් පොලිස්පතිවරයාට ඒ පිළිබදව යොමු කළ හැකි බවයි.

https://www.vnews.lk/storage/2023/09/D.WEERASINGHA-EDIT.mp3?_=5

මේ පිළිබදව අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දිගින් දිගටම සිදුවන ජීවිත තර්ජන පිළිබදව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි.

https://www.vnews.lk/storage/2023/09/SAJITH-EDIT-02.mp3?_=6

WhatsApp Group

Skip to content