නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන් අක්කර 66,234කට අධික ප්‍රමාණයකට හානිවී තිබෙනවා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ, ඉන් ගොවීන් හැට හත්දහස් හාරසිය අට දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි

වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

එම ප්‍රමාණය අක්කර දහසය දහස් නවසිය අනුදෙකකට අධිකයි.

උඩවලව ප්‍රදේශයෙන් අක්කර දාහතර දහස් අටසිය දහයකට අධික ප්‍රමාණයක් නියඟය හේතුවෙන් විනාශ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content