75 වන ජාතික නිදහස් රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් එක්කෝටි ,එකොලොස් ලක්ෂ ,තිස් දහස් එකොළහයි ශත 29 ක් බව ජනාධිපති කාර්යාලය පවසනවා.

මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට රජය වැය කර ඇත්තේ මීට පෙර නිදහස් දින සැමරුම් රාජ්‍ය උත්සව සදහා වැය කළ මුදලට වඩා ඉතාම අඩු මුදලක් බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ .

රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩ එමින් පවතින මොහොතක මෙවන් රාජ්‍ය උත්සවයක් පැවැත්වීම යනු අර්බුදය විසින් බිඳ දැමුණු ශ්‍රී ලංකා අභිමානය යළි අත්පත් කරගන්නට ඇති සූදානම පිළිබඳ ලෝකය හමුවේ පනිවිඩයක් තැබීමක් බවද ජනාධිපති කාර්යාලය සඳහන් කළා.

රජය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8ක් නිදහස් උත්සවයට වැය කර ඇති බවට පළවන පුවත් ද මුළුමනින්ම සාවද්‍ය බවද එම කාර්යාලය ප්‍රකාශ කළා.

නිදහස් උත්සවය සඳහා වන මුලික වියදමක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඇස්තමේන්තු ගතකර තිබුණ ද එම කිසිදු මුදලක් වැය කර නැතැයි ජනාධිපති කාර්යාලය පැවසුවා.

WhatsApp Group

Skip to content