කායන්ගොල්ලෑව රජයේ රක්ෂිතයේ ගල්තලාවක නිදන් ලබාගැනිමේ අරමුණින් කැණිම් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරියවැව,හොරොව්පොතාන,ඇබිලිපිටිය,තනමල්විල හා මාවතගම පදිංචි වයස අවුරුදු 28ත් 58ත් අතර වියේ පසුවන පුද්ගලයන් පස්දෙනෙක්.

රජයේ රක්ෂිතයේ ගල්තලාවක නිදන් හාරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලිමේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුනා.

සැකකරුවන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරැව මේ මස 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

WhatsApp Group

Skip to content