නැවත දැනුම් දෙනතුරු ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවලින් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.

ඒ , ගිනිකොන දිග බෙංගාල බොක්කේ හටගෙන ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් .

එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content