නැගෙනහිර තායිවානයට සුළි කුණාටුවක අවධානමක් මතුව තිබෙනවා.

මේ හේතුවෙන් නැගෙනහිර තායිවානයේ 3,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටයි එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

එම සුළි කුණාටුව පැයට කිලෝමීටර 140 වේගයෙන් හමා යන බවයි වාර්තා වන්නේ.

හයිකුයි ලෙස නම් කර ඇති මෙම නිවර්තන සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට තායිවානයේ අභ්‍යන්තර ගුවන් ගමන් 200 ක් පමණ අවලංගු කර තිබෙනවා.

එමෙන්ම ඉදිරි දින දෙක තුළ පාසල් සහ කාර්යාලද වසා දැමීමට ද බලධාරීන් කටයුතු කරනු ඇති.

මෙම සුළි කුණාටුව වසර හතරකින් තායිවානයට බලපාන දරුණුම සුළි කුණාටුව විය හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content