නාවලපිටිය දුම්රිය ස්ථානයේදී විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ දුම්රිය සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ අනුව එම පහරදීම සම්බන්ධයෙන් දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩතහනම් කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් විසින් මෙම පහරදීම සිදු කර තිබුණා.

WhatsApp Group

Skip to content