නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නවීකරණය කරන ලද භෝජනාගාරය සහ කායවර්ධන මධ්යස්ථානය විවෘත කිරීමේ උත්සවය මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී අමාත්යවරයා,
අපි දිගින් දිගටම ඔබ සියලු දෙනාගේ සුබසාධනය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරනවා. බටා එක අයින් කරලා ආහාර හා නවාතැන් දීමනාව ගෙනාවේ විශාල මුදලක් වැය කරලා. මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය අනුව එය ඉතා අපහසු කාර්යයක් වුණා. නමුත් මගේ ඉල්ලීම ජනාධිපතිතුමා පිළිඅරගෙන අපට ඒ අවශ්ය මුදල් ලබා දුන්නා. ඒත් ඔබ සියලු දෙනා දන්නවා ජනවාරි මාසේ ඉඳන් අපිට ඒ මුළු ගාන ගෙවා ගන්න හැකියාවක් තිබුණේ නෑ. මුදල් අඩුකම නිසා. අපි පුළුවන් මාස වල මුළු ප්රමාණයම ගෙව්වා. නමුත් ඒ අඩුවෙච්ච ප්රමාණය එන ජනවාරි පෙබරවාරි මාර්තු මාස තුන ඇතුළතදී ඒ සියලු මුළු මුදල ලබා දෙනවා. මෙවැනි තත්ත්වයක් රටේ තියෙද්දී 2022 ඉඳන් තිබුණ තත්ත්වය මම කියන්න ඕන නෑ. ඔබ සියලු දෙනාම දන්නවා ඒ අමාරුකම් ඇතුළේ උනත් අපි හැමතිස්සේම බැලුවේ ඔබ සැමට කළ හැකි සෑම දෙයක්ම කරන්න. පොලිස්පතිතුමාගේ මූලිකත්වයෙන් කොළඹ දකුණ භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇතුළු බස්නාහිර පළාත නියෝජ්ය පොලිස්පති කොළඹ දිශාව භාර නියෝජ්ය පොලිස්පති සියලු දෙනා එකතුවෙලා මේ පොලිසිවල කරන මේ වැඩ ගැන මම ඒ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.
තමන්ගේ රාජකාරිය නිවැරිදිව ඉටු කර මහජනතාවගේ ප්රශංසාවට ලක්වන ලෙස සිය රාජකාරී ඉටු කරන ලෙස අමාත්යවරයා සියලු දෙනාගෙන් එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

WhatsApp Group

Skip to content