දිස්ත්‍රික් 09ක් සදහා පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 03 දක්වා බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කෑගල්ල, මාතර, රත්නපුර, කළුතර , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කිහිපයට මෙලෙස නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබුණා.

මේ අතර අද දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තද වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.

https://www.vnews.lk/storage/2023/10/MERIL-MENDIS-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content