නාමල් රාජපක්ෂට ඡන්ද ගන්න තිබුණා ගොඩක්, පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න තිබුණා.මේ කළබලයට, හදිස්සියට, රට වැටිච්ච වෙලාවක, රට බේරා ගන්න නායකයෙක් කටයුතු කරන වෙලාවක, එයාගේ කකුලෙන් ඇදලා පැත්තකට දැම්මේ නැත්නම් ඡන්ද ගොඩක් ගන්න තිබුණා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, කැකිරාව, පලාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

 එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බේරා ගත්ත නිසා අපි කාගෙත් හදවතේ එතුමා ගැන ලොකු ගෞරවයක් තියෙනවා.ඒ වගේම තමයි ඊට ආසන්නවම මේ යුගයේ සිදු වෙච්ච පහුගිය අරගල සමයත් එක්ක අපේ රට ආරාජික වෙච්ච වෙලාවක, අපේ රටේ සාමය නැති වෙලා, ආර්ථික පීඩාවන් නිසා ආහාර හිඟයක් සහ විශාල දුෂ්කරතාවයන්ට රට පත් වෙන කොට ඒ රට බේරාගත්ත නායකයා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා.මේක ඔක්කෝටම වෙච්ච කරදරයක්,මේක පොදු ජන පෙරමුණට වෙච්ච දෙයක් විතරක් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් නෙමෙයි, එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙමෙයි, සියලුම පක්ෂ වලටත්, පක්ෂ නියෝජනය කරන ජනතාවටත්, සියලුම ජාතීන් සිංහල, දෙමළ මුළු රටම මුහුණ දුන්නා මේ දුෂ්කරතාවයන්ට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එච්චර මහන්සි වෙන්න ඕන නෑ, බුද්ධිමත් ඡන්ද දායකයෝ ටික්ක අපේ රටේ හිටියා නම් , මොකද අනිවාර්යෙන්ම එතුමාට ඡන්දය දිය යුතුයි.එතුමාට ඒ කෘතගුණ සැලකීම කළ යුතු වෙනවා.නමුත් අපි දන්නවා, නොයෙකුත් අද්‍රෘෂ්‍යමාන බලවේග, එක එක ආකාරයට ඇවිල්ලා අපේ ජනතාව රවට්ටමින් මුළා කරමින් ඒ ගොල්ලන්ගේ අවශ්‍යතාවන් ඉටු කර ගන්න විශාල කැපකිරීමක් කරනවා, විශාල ධනයක් වියදම් කරනවා ඒ අයගේ එම කාරණාවන් ඉටු කර ගැනීම සඳහා.නමුත් අපි සද්භාවයෙන් තමයි එකතු වුණේ.ඔබතුමන්ලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ ඉතාම කිට්ටුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනගන්න අපි කටයුතු කළා දිස්ත්‍රික්කයේ වගේම මුළු රටේම.නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට රට භාර දෙන කොට මූලිකත්වය ගත්තේ අපේ පක්ෂයේ නායකයෝ, ඒ අය තමයි කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතා පත් කරමු, මේ වෙලාවේ හැටියට එතුමාට උදව් කරමු, අපි ඇත්තටම පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් ඒ සඳහා අවශ්‍යය උපකාරය අපි කළා, පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලය ගිණි තිබ්බා, අපේ ගෙවල් ගිණි තිබ්බා ,අපේ පොදු ජන පෙරමුණේ පොලොන්නරුවේ මන්ත්‍රීතුමා මරලා දැම්මා, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රැස්වීමට  ගිය අපේ පාක්ෂිකයෝ බේරේ වැවට දැම්මා.මේ වාගේ ඉතා විශාල විනාශයක් අපේ පක්ෂයට කරන කොට ඒ සඳහා අවශ්‍යය කටයුතු කලෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, ඒ අය බේරා ගන්න වගේම රටම බේරා ගන්න .අපිට දේශපාලනය කරන්න නැවත භූමිය සකස් කරලා දුන්නේ එතුමා.

WhatsApp Group

Skip to content