මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන් වුණා.

ඒ හේතුවෙන් අද දිනයේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, නාම යෝජනා භාරදීමේ කාලය අවසන් වීමෙන් පසු පෙලපාලි යාම තහනම් බවයි.

WhatsApp Group

Skip to content