නාගරික ප්‍රදේශ තුළ සැරිසරන යාචකයන් පිළිබඳව සංගණනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි, කාරක සභාව විසින් සමාජ සේවා දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා.

අදාළ සංගණනය මෙම මස 5 වනදා ආරම්භ වූ අතර අද දිනයෙන් අවසාන වීමට නියමිතයි.

මේ සඳහා  ශ්‍රී ලංකා පොලිසියද සහය දක්වන බවයි වාර්තා වන්නේ.

ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ ආයතනය සමඟ එක්ව මෙම සංගණනය සිදු කිරීමට සමාජ සේවා දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කර ඇති බව සඳහන්.

මේ සදහා මනෝ විද්‍යා උපදේශක නිලධාරී, වනිතා සංවර්ධන නිලධාරී, සමාජ සේවා උපදේශන නිලධාරී ආදී ක්ෂේත්‍ර නිලධාරින් යොදා ගැනීමට නියමිතයි.

WhatsApp Group

Skip to content