පාර්ලිමේන්තුවේ නව සභා වාරය ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වූ අතර ඔවුන් දෙපළ පිළිගනු ලැබුවේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසිනුයි.

මේ අනුව සම්ප්‍රදායානුකූලව ජයමංගල ගාථා ගායනාවෙන් මෙන්ම ජාතික ගීය ගායනා කරමින් ජනාධිපතිවරයා සහ කථානායකවරයා පිළිගනු ලැබුවා.

මේ අතර නව වෙනි පාර්ලිමේන්තුවේ සිව් වන සැසි වාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශය ඪ ත්‍ඵ 107 ඔස්සේ ඔබට සවන් දිය හැකියි.

WhatsApp Group

Skip to content