සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂ වීසා කාණ්ඩයක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබද ජාත්‍යන්තර සබදතා පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමුව තිබෙනවා.

ඉන්දියාව , බංග්ලාදේශය , මාලදිවයින ඇතුළු සාර්ක් කලාපීය රටවල් සදහායි මෙම නව වීසා කණ්ඩය සකස් කිරීමට නියමිතව ඇත්තේ.

ජාත්‍යන්තර සබදතා පිළිබද අංශික අධීක්ෂණ කාරක සභාව නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණා.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීමට නව ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබද වද මෙහිදී අවධානය යෙමුව තිබෙනවා.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ සීමාවාසික පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට ලක්වු බව පාර්ලිමේන්තු සන්නිවේදනය ඒකකය සදහන් කළා.

 

WhatsApp Group

Skip to content