ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද දිවුරුම් දුන්නා.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීයි.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා නව සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ඒ අනුව එහි නව සභාපතිවරයා ලෙස සරත් ගනේගොඩ මහතා පත් කර ඇති අතර ඔහු මෙරට පිහිටි පුමුඛ පෙලේ සමාගම් රැසක ඉහළ නිලතල දැරු පුද්ගලයෙකු වනවා.

මේ අතර ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ද ශ්‍රී ලංකන් ගුවන් සේවයට පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content