2024 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අද සිට එළඹෙන 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවයි.

ඒ අනුව අද දිනයේ දී ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත , ජාතික ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත විවාදයට ගැනීමට නියමිත වනවා.

WhatsApp Group

Skip to content