නව පොලිස්පතිවරයකු තෝරාගැනීම සදහා මෙම සතිය තුළ ව්‍යවස්ථා සභාවට නම් 3 ක් යැවීමට සූදානම් ව සිටින බව වාර්තා වනවා.

සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය සදුදා දිනයේ දී පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවේ සේවා දිගු දෙකක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

මීළඟ පොලිස්පති ධුරය සදහා ජේෂ්ඨත්වය අනුව ප්‍රධාන ලැයිස්තුවේ සිටින්නේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, එල්.එස්.පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, පී.පී .එස්. එම්. ධර්මරත්න යන අයයි.

WhatsApp Group

Skip to content