හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල්පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ අනුව රන්න, වීරකැටිය සහ වලස්මුල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම පොල් ත්‍රිකෝණය ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර ඇති බවයි එම අධිකාරිය සදහන් කළේ.

අදාළ තීරණයට අනුව එම ප්‍රදේශවලට අයත් ජනතාවට සිය ගෙවතුවල පොල් පැල 5 බැගින් රෝපණය කළ යුතු වනවා.

මේ සදහා අවශ්‍ය පොල් පැල, පොල් සංවර්ධන මණ්ඩලය විසින් ලබා දීමට කටයුතු කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content