ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබද කාර්යාලයක් පිහිටුවීම සදහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය තහවුරු කිරීම සදහායි මෙම කාර්යාලය පිහිටුවීමට නියමිතව ඇත්තේ.

නව පනත් කෙටුම්පත පිළිබද ගැසට් නිවේදනය පසුගියදා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා නිකුත් කරනු ලැබුවා.

විවිධ ප්‍රජාවන් අතර ආතතීන් සහ ගැටුම් ඇතිකරනු ලබන කාරණා විසදීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග ආණ්ඩුවට නිර්දේශ කිරීම ද මෙම කාර්යාලය පිහිටුවීමේ අරමුණක් වී තිබෙනවා.

මේ අතර මහජනතාවට අහිතක් වන කිසිවක් පාර්ලිමේන්තුවේදි සම්මත නොකරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/10/AJITH-RAJAPAKSHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content