ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ කණ්ඩායම සමග කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

2022 වර්ෂයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ලබාගත් ආර්ථික ප්‍රගතිය පවත්වා ගෙන යාමට එමගින් හැකි වනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වැඩසටහන සමාලෝචනය කළ යුතු කාලය සම්බන්ධයෙන් ද නව පාලනය සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content