ශ්‍රි ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ 2023 ජුනි මස 30 වන දින සිට එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් 19 වන ගුවන් හමුදාධිපති ලෙස ජනාධිපති තුමන් විසින් පත් කර තිබෙනවා.

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රථමික අධ්‍යාපනය අරඹා පසුව ගමිපහ බණ්ඩාරණායක විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය අවසන් කර අති අතර ද්විතික අධ්‍යාපනය සදහා කොළඔ ආනන්ද විද්‍යාලයට ඇතුලත්ව කිර්තිමත් ශිෂයකු ලෙස පාසල් අධ්‍යාපන කටයුතු සිදු කර ඇති බව සඳහන්.

1988 වසරේ දි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අංක 06 බදවාගැනීමේ කණ්ඩායමට ඇතුලත් වූ එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ 1990 වසරේ ඔක්තොම්බර් මස 5 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගනිමින් ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස එක්වි තිබෙනවා.

WhatsApp Group

Skip to content